Spread the love

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය වසරේ මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.