Spread the love

.

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම දෙරට අතර ආගමික හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම එකඟත්වය පළ කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති Khaled Nasser Alameri මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර පැවැති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම ඉතිහාසය පුරාවිද්‍යාව හැදැරීමේඅධ්‍යයන අවස්ථා දෙරට අතර පුළුල් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර ඉදිරියේදී එම කටයුතු සිදු කිරීමට නියමිත ය.