වසර 23 ක සේවයෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නැවත හිමිකාර සමාගම වෙත භාර දීමට සුදානම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 – 200 පළමු ගුවන් යානය ප්‍රංශය වෙත භාර දීමටයි සැලසුම් කර ඇත්තේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් යානා , ඒවා නිෂ්පාදනය කරන ප්‍රංශයේ එයා බස් සමාගමෙන් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර එය ඒ.300 – 200 කාණ්ඩය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ගෙන ඇති පළමු ගුවන් යානය වෙනවා.
තවමත් ඉතා හොද තත්වයේ පවතින ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු මෙම ගුවන් යානය තම සේවා කාළය සහ ලීසිං කාළය සපුරා ඇති බැවින් ඉදිරි දින කීපය තුළ දී ප්‍රංශයේ එයා බස් සමාගම වෙත ගෙන ගොස් භාර දීමට නියමිතය .
මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 18 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 251 ක් ඇත.
මෙම යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලන්ඩන් හීත්රෝ , ජර්මනියේ ෆ්රෑන්කෆර්ට් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , රුසියාවේ මොස්කව් වැනි දිගු දුර ගමනාන්ත වෙත සේවය සදහා යොදවා තිබූ අතර මේ වනවිට මෙම ගුවන් යානය පියාසර පැය ලක්ෂයක් සම්පූර්ණ කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් .
