Spread the love

පොලොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට අද(13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

පොලොන්නරුවේ ගොවීන්ට වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත්වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වු බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති

එම වවුචර්පත්වලට යුරියා පොහොර අද (13) සිට මිල දී ගත හැකි වන පරිදි පොලොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා ඇතැයි ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩ බෑම ආරම්භ කෙරේ. පෙරේදා (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබීනි. වර්ෂාව නිසා පොහොර බහාලුම් (Hatcheries) විවෘත කිරීමට හැකියාවක් නොවු බව ද සභාපතිවරයා අවධාරණය කළේය