නිමල් රාජපක්ෂ-
මහව සිට කොළඹ කොටුව බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමී කාර්යාල දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන්කල මගීන් 50 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඊයේ (12) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාර්යාවල සේවය කරන කාන්තාවන් 23 දෙනෙකු සිටි බව කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
ගම්පහ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය තුළ ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදුකළ අතර එහිදි දෙවන පංතියේ මගීන් සිටගෙන යද්දී තුන්වන පංතියේ මගීන් හොද සැපට දෙවන පංතියේ නිදාගෙන ගමන් කළ බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුහ.
මගීන් විශාල පිරිසක් දුම්රිය ආරක්ෂක අධිකාරීට කළ පැමිණිලි මත මෙම පරික්ෂාව සිදුකර තිබේ.
අද වන විට මගීන් 39 දෙනෙකුගෙන් රුපියල් 126120 / -දඩ මුදලක් අයකර ගත් බව දුම්රිය කොටුව මෙහෙයුම් ඒකකය පවසයි. ඉදිරි මගීන් ඇපකර තබා ගොස් ඇතැයිද මෙහෙයුම් ඒකකය පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර ආරක්ෂක අධිකාරී වරුන්වන කරුණානායක , එල්.පී.ජයන්ත , කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සමන් කීර්ති බටගොඩ, උප පරීක්ෂක සේරසිංහ, සැරයන් වරුන්වන රෝෂාන් ප්‍රියන්ත, එච්.එස්.තිලකරත්න, පුෂ්පකුමාර, ලලිත් ලොකුවිතාන, රණසිංහ, උපාලි විජේරත්න, කාන්තා ආරක්ෂකනිලධාරීන්වන මුතුගල , ආර්.පි.ඩී සේපාලි , නිලක්ෂි, තුෂාර දුරන්ගි යන නිලධාරින් තවත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් දහසය දෙනකුගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.
