Spread the love

කොළඹ යුද හමුදා රෝහලේදී පසුගිය දා සිදුකළ ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීම ගිනස් වාර්තාවට එක්වු බව ශ්‍රී ලංකා යුධහමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්වි ඇත.

යුද හමුදා වෛද්‍යවරුන් පසුගිය ජුනි 01 දින මෙම සැත්කම සිදුකර ඇති අතර, මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත බවයි සඳහන් වන්නේ.

කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක මෙම ශල්‍යකර්මය සිදුකර ඇති අතර නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහාය දක්වා ඇත.