Spread the love

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කෙරේ.

ඒ අනුව අයදුම්කරු විසින් https://www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතුයි.

කඩිනම් ක්‍රමය හෝ සාමාන්‍ය ක්‍රමය තෝරාගත යුතුයි.

අයදුම්පත සම්පූර්ණ කර අදාළ අවශ්‍ය ලේඛණ සමඟ Upload කළ යුතුයි.

ඡායාරූපය ලබා ගැනීමේදී ලබාදෙන අනුක්‍රමික අංකය ඇතුළත් කර අදාළ පියවරයන් අවසන් කළ යුතුයි.

Online ගෙවීමේ පහසුකම්ද එහි සලසා ඇති අතර Online ගෙවීම් සිදු කිරීමට අපහසු පුද්ගලයින් සඳහා ඇඟිලි සලකුණු ලබාදීමේ කටයුතුවලින් පසු ලබාදෙන රිසිට් පත ඉදිරිපත් කර ලංකා බැංකුවට ගොස් ගෙවීම් සිදුකළ හැකියි.

ඇඟිලි සලකුණු ලබාදීමේ පහසුකම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක ස්ථාපිත කර ඇති අතර  එම පහසුකම ඇති තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් ඇඟිලි සලකුණු ලබාදිය හැකියි