පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊට යටවී තිබේ.
මෙම අනතුර අද (16) පස්වරුවේ සිදුවී තිබුණේ නුවරඑළිය පොලිස් වසමේ වෙඩමන් පාර ප්‍රදේශයේදීය.
ඉදිකරන ලද ගොඩනැගිල්ලක් අසල පැති බැම්මක් සකස් කරමින් සිටියදී ඒ අසල තිබූ පස් කන්දක් කඩා වැටීමෙන් එහි සේවය කළ කම්කරුවන් දෙදෙනෙකු ඊට යටවී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් තිබේ.
මියගිය පුද්ගලයින් 23 සහ 43 යන වයස්වල පසුවන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
