Spread the love

සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ප්‍රධානෝත්ස්වය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල ගුරුවරුන් 7,342 ක් සඳහා මෙලෙස අද පත්වීම් ලබාදීම සිදුකෙරුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා ගුරුපත්වීම් 1,729 ක් සහ බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරුපත්වීම් 626 ප්‍රධානය කිරීම සිදුකළේය.