Spread the love

නාගොඩ-සුමන

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්ලය හෙට (18) රාත්‍රියේ කතරගම මහා දේවාලය අබියසින් පිරිත් සච්ජායනා කරමින් ආරම්භ කිරීමට නියමිත බව කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

පළමු මගුල් පෙරහැර ලබන සදුදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් මේ වනවිට බැතිමතුන් 3000 ආසන්න සංඛ්‍යාවක්  පැමිණ ඇතිබව කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතුංග මහතා පැවසීය.

එම බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇතිබව වැඩිදුරටත් පැවසීය