නිමල් රාජපක්ෂ-
පමුණුගම ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය විදේශිය මත්පැන් ජාවාරමක් වටලා රුපියල් තුන්ලක්ෂ විසි හතර දහසක් (3 24000/-)වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ ගැණුම් කරුවකු යොදා අදාල පුද්ගලයා සමගින් කථා කොට රුපියල් 8100 බැගින් මත්පැන් බෝතල් මිලදි ගන්නා අවස්ථාවේ සැකකරු සමගින් මත්පැන් තොගය කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශිය මත්පැන් (වැට් 69 වර්ගයේ) වි බෝතල 40 ක් තිබු බව ජාඇල සුරාබදු ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලා රසික විජේසිංහ මහතා පැවසුවේය.
විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන අයගෙන් ඉතා අඩු මිලට විදේශිය මත්පැන් මිලදි ගෙන මෙසේ වැඩි මිලට බලපත්‍ර නොමැතිව මත්පැන් ජාවාරම කරගෙන ගොස් ඇතැයි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි අනාරණය වි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර මේ මස 22 දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ජාඇල සුරාබදු අධිකාරී ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ , ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලා රසික විජේසිංංහ මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු සැරයන්වරුන්වන කුමාරසිරි ,ලොකුපිටිය,කොප්ප්‍රල් වරුන්වන සුරංග ප්‍රනාන්දු , සාලිත , නියාමක ශමීර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
