Spread the love

මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනිඅවියකින් වෙඩිතැබීමට උත්සාහ කර තිබේ.

ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි පොලිසිය පැවසුව්..

පසුව පොලීසියේ සිටි සෙසු නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර ඇත .

අදාළ සැරයන්වරයා පොලිස් ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.