රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්වී ඇති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.
මේ වනවිට රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස්බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද දැනුම්දෙයි.
ඒ අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවද දැනුම්දී තිබේ.
