මත්ද්‍රව්‍ය කාර්යංශයේ යැයි පවසමින් නිවසක් පරික්ෂාවකට ගොස් නිවසියන් බිය වද්දා රුපියල් දෙලක්ෂ හතළිස් දහසක් වටිනා ස්වර්ණාභරණ හා ලැප්ටොප් පරිගනකයක් සොරා ගත් පුවතක් කැළණිය පොලීසියෙන් වාර්තාවෙයි.
සිද්ධිය වී ඇත්තේ හුණුපිටිය කැළණිය ප්‍රදේශයේ දෙමහල් නිවසකිණි. ඊයේ අළුයම 5.30 ට පමණ පස්දෙනෙකුගෙන් යුතු පිරිසක් පැමිණ නිවසේ මත්ද්‍රව්‍ය තිබෙන බවට පැමිණිලි ලැබී ඇති බැවින් නිවස සෝදිසි කළයුතු බව බවසමින් එහි තිබු ලැප්ටොප් පරිගනකයක් හා රන් අභරණ සොරා ගොස් තිබේ.
සිද්ධිය පිළිබද කිරිබත්ගොඩ පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
