මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් මිය යෑමේ ශෝකජනක සිද්ධියක් දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ අහුගම්මන ප්‍රදේශයේ පදිංචි මාස දෙකක් වයසැති බිළිඳියක බව පොලීසිය පවසයි.
මෙම දරු දෙදෙනා නිවසේ පෙරේදා (02) සෙල්ලම් කරමින් සිටියදී වැඩිමල් දරුවා ඔහුගේ නැඟණියගේ කටට කාසියක් දමා ඇති බව දොම්පේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
උගුරේ කාසියක් සිරවී සිටි සිඟිත්තිය දොම්පේ රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා බිළිඳිය මියගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
සිඟිත්තියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ, රමේෂ් අලගියවන්න මහතා විසිනි.
ස්වසන මාර්ගය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලීසිය පවසයි.
මියගිය සිඟිත්තිය සහ අනෙක් දරුවාගේ මව විවාහක සැමියාගෙන් වෙන්වී ජීවත් වන තැනැත්තියක් බවද පොලිසිය සඳහන් කරයි.
