කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අගයන් අද (04) සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබේ.
සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 633.69ක් හෙවත් 6.71%කින් ඉහළ ගොස් තිබුණි.
ඒ අනුව දිනය නිමා වනවිට එම අගය සටහන් වූයේ 10,076.64ක් ලෙසය.
පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 7.14ක් ලෙසය.
දින පහකට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.
විශේෂයෙන්ම බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති වී ඇත.
ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් වල සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට බලපෑම් නොවීමත් ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී සිටිති.
