Spread the love

නතාෂා ඇප තැන්පත් කිරීමෙන් පසු අද රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස්ව එළියට පැමිණ තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය පසුගියදා (05) නියම කළා.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වූයේ.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළකළ නතාෂා එදිරිසුරිය තව දුරටත් ජුලි 19 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.