ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කරන ලද “සමාජ ආරක්ෂණ සම්මාන උළෙල – 2023 ” දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී සිසු ආරක්ෂණ සාමාජිකත්වය ලබා සිටි සිසු දරුවන් අතුරින් ඉහළ සාමාර්ථ ලැබූ පිරිසක් වෙනුවෙන් මුදල් සහ තිළිණ ප්‍රදානය කළ අතර මෙම රක්ෂණ ක්‍රමයට වැඩිම පිරිසක් සාමාජිකයින් කරවීමට පියවර ගැනීම වෙනුවෙන් ජාඇළ හිටපු ප්‍රාදේශීය ලේකම් සහ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඊ.එම්.එස්.බී. ජයසුන්දර මහතා ද ඇගයීමට පාත්‍ර වූහ.
ආරස්සාව පූර්ව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අ.පො.ස.(සාමාන්‍ය පෙළ ) විභාගය සමත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කණිෂ්ක ඉඳුරංග ගෝමස් ශිෂ්‍යාට රුපියල් 100000/- වටිනා චෙක්පත ප්‍රදානය කිරීම දිසාපතිතුමා අතින් සිදු කෙරිණි.
තවද 2017 සිට 2022 වසර දක්වා කාලය තුළ සමාජ ආරක්ෂණ ක්‍රමයට වැඩිම පිරිසක් දායක කර ගැනීම වෙනුවෙන් කැප වී කටයුතු කළ ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ද මෙහිදී සම්මාන හා සහතික පත්‍ර ලැබීය. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම වැඩිම සාමාජිකයන් පිරිසක් සමාජ ආරක්ෂණ රක්ෂණ ක්‍රමයට දායක කර ගැනීම වෙනුවෙන් ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් මෙහිදී ඇගයීමට පාත්‍ර වූහ.
