Spread the love

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකට පන්ති භාර ගුරුවරයා විසින් පහරදීම නිසා එම ශිෂ්‍යාව තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

එම දැරිය මේ වනවිටත් යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. පහරකෑ ශිෂ්‍යාවගේ දකුණු අත එසැවීමට නොහැකි තත්ත්වයට තුවාල වී ඉදිමී ඇතැයිද එම ශිෂ්‍යාවගේ දෙමාපියෝ පවසති. මේ සම්බන්ධව යාපනය අධ්‍යාපන බලධාරීන්ටද ඔවුන් පැමිණිලි කර ඇත. මෙකී සිද්ධිය පිළිබඳව යාපනය කලාප අධ්‍යක්‍ෂවරයා පූර්ණ පරීක්‍ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර මේ වනවිට අදාළ පහරදීම කළ ගුරුවරයා නිවාඩු ලබා පාසලෙන් බැහැරව ගොස් ඇතැයිද වාර්තා වේ.

මෙම පහරදීමත් සමගින් මෙම වසරේ ගෙවුණු මාස හයක කාලය තුළදී යාපනයේ පාසල් ගුරුවරුන් සිසු සිසුවියන්ට පහරදීමේ නවවැනි සිද්ධිය බැව් වාර්තා වේ.