නිමල් රාජපක්ෂ-
රුපියල් මිලියන 162 ක් වටිනා රත්රන් තොගයක් ජෙල් ආකාරයෙන් සන්තකයේ තබාගෙන චෙන්නායි බලා ගමන් කිරීමට පැමිණි මගීන් පස් දෙනෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපලේදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රත්රන් තොගයේ රත්රන් කරල් 23 ක්හා පැකට් 10 අඩංගු ග්‍රෑම් 8632 ක් සොයාගත් බව රේගු මාධ්‍යප්‍රකාශක,ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
අදාල සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බවද අනාවරණය වෙයි.රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
