නිමල් රාජපක්ෂ-
කුඩා ඔය බලහරුව ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදි රුපියල් ලක්ෂ පහළොවක් වටිනා ගංජා තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු තංගල්ල සුරාබදු නිලධාරින් අද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කැනබීස් හෙවත් ගංජා කිලෝ 12 වැඩි ප්‍රමානයක් තිබු බව තංගල්ල සුරාබදු ස්ථානාධිපති නදීෂ් කත්‍රිආරච්චි මහතා පවසයි.
සුරාබදු නිලධාරීන්ට ලද තොරතුරකට මෙම සෝදිසි මෙහෙයුම දියත් කල අතර මෙහිදි එක් සැකකරුවකු ලග තිබී ගංජා කිලෝ ග්‍රෑම් 8 ග්‍රෑම් 280ක ප්‍රමාණයක් ද,අනෙක් සැකකරු ලග තිබී ගංජා කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 875ක් සොයා ගැනීමට සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල හා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
වීඩියෝව නරඹන්න SUBSCRIE කරන්න
සුරාබදු කොමසාරීස් චන්ද්‍රසිරි සිල්වා මහතාගේ උපදෙස් මත, දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර හා හම්බන්තොට සුරාබදු අධිකාරී නන්දන පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, තංගල්ල සුරාබදු ස්ථානාධිපති නදීෂ් කත්‍රිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, තංගල්ල සුරාබදු සුරාබදු පරීක්ෂක එම් ඩී ටී අමිලතිස්ස,සුරාබදු නියාමකවරුන් වන 1113 ලහිරු දේශප්‍රිය,1116 භාෂිත පූජන්ත සහ සුරාබදු නියාමක රියදුරු විදුරංග යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.
