Spread the love


නිමල් රාජපක්ෂ –

පුත්තලම් මාර්ගයේ මුතුකුමාරි හා බංගදෙනිය යන කාර්යාල සිඝ්‍රගාමී දුම්රිය දෙකෙහි සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ වාඩිවී ගමන් කළ හා ප්‍රවේශපත්‍ර නොමැති මගින් 75 දෙනෙකු දුම්රිය ආර්කෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 21 දෙනෙකු සිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සමන් කීර්ති බටගොඩ මහතා පවසයි.

ප්‍රවේශපත්‍ර පරික්ෂාව රාගම දුම්රිය ස්ථානයේ සිටි කොළඹ කොටුව දක්වා සිදු කළ අතර අතර එහිදි ප්‍රවේශපත්‍ර නොමැතිවම කාන්තාවන් දෙවන පංතියේ වාඩිවී නිදාගෙන පැමිණෙමින් සිටියදී කොටුකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් මගීන් 68දෙනෙකුගෙන් මේ වනවිට රුලියල් දෙලක්ෂ දහතුන්දාස් හත්සිය විස්සක(213120/-) දඩ ආදායමක් අයකර ගෙන ඇති අතර ඉතිරි මගීන් හත්දෙනා ඇපකර තබා ගොස් ඇත.එම මගීන් හත්දෙනාගෙන් දඩ අයකර ගත්විට රුපියල් 2.34960 /- දඩ ආදායමක් රජයට ලබාදීමට හැකිවන බවද සමන් කීර්ති බටගොඩ මහතා පැවසුවේය.

තමන් ප්‍රවේශපත්‍ර ලබාගත් පංතියේ පමණක් ගමන් කරන ලෙසත් තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන හෝ ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රිය ස්ථානයේ හෝ දුම්රියයන් තුළ සිටියහොත් තරාතිරම නොබලා දඩුවම් පමුණුවන බවත් දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේය.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,සහකාර අධිකාරී කරුණානායක මහතාගේ අධික්ෂණය යටතේ , දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සමන් කීර්ති බටගොඩ මහතාගේ මෙහෙයවීමෙන් , කාර්යභාර නිලධාරී මර්වින් අල්විස් ,සැරයන් වරුන්වන ඩයස් ,ප්‍රියන්ත ,තිලකරත්න ,
ආරක්ෂක නිලධාරීන්වන ලිලිත් ලොකුවිතාන , ආර්.කේ.එම්. රණසිංහ සුගත් කුමාර, කාන්තා ආරක්ෂකනිලධාරින් ආර්.පී.පි. සේපාලිකා, දුරන්ගි ලීලාරත්න ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ