Spread the love

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික,ආගමික,විද්‍යාත්මක සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු
කර ගැනීම සඳහා ඉදිරියේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික උපදේශක
Dr.Moazami Goodarzi මහතා අතර කොළඹ,ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති
සාකච්ඡාවකින් අනතුරුව විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පළ කළේ ය.

පුරාවිද්‍යාව,ලේඛණාරක්ෂණ,කෞතුකාගාර සහ අනෙකුත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා දෙරට අතර
අධ්‍යාපනික වැඩසටහන් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම,ආගමික සහයෝගීතාව වර්ධනය කර
ගැනීම සඳහා වන්දනා නඩ හුවමාරු වැඩසටහන්,දෙරට තුළ නිර්මාණය වී තිබෙන උසස් තත්ත්වයෙන් යුතු
සම්මානනිය චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් සංවිධානය කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා
සිදු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.