Spread the love

එංගලන්තයේ රජු වන තුන්වැනි චාල්ස් රජුට හා රජ බිසව වන කැමිලා බිසවට රාජාභිෂේකයට සුබ පැතුම් එක්කළ කන්තලේ තරුණයකුට රජුගේ හා බිසවගේ අත්සනින් යුතුව සුබ පැතුම් එක් කළාට ස්තුතිය පළ කරමින් බකීම් හෑම් මාලිගය විසින් කාඩ්පතක් හා තැපැල් කර එවා තිබේ.

රාජාභිෂේකය වෙනුවෙන් තමන් සකස් කළ රුපියල් 300/ මුද්දර අලවා එංගලන්තයේ බකීම් හැම් මාලිගාවාට යැවූ බවත් මෙම සුබ පැතුම් පතට රජු පවුලේ ඡායාරූපයක් හා අත්සන් සහිත ස්තුතිය පලකර බකීම්හැම් මාලිගයෙන් එව් කාඩ්පතක් තමන්ට ඉකුත් 15 වැනිදා ලැබුණු බවත් කන්තලේ ආර්.ඩබ්ලිව්. මලිත් තිවංක තරුණයා පවසයි.

කන්තලේ, වෙන්ධ්‍රාසන් පුර යුනිට් 16 පදිංචි ආර්.යූ. මලින් තිවංක තරුණයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය. රාජාභිෂේකයට සුබ පැතුම් එක් කිරීමට මම රජ පවුල ආමන්ත්‍රණය කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති විශේෂ වචන මාලාවක් අන්තර් ජාලයෙන් සොයාගෙන මම මේ සුබ පැතුම යැව්වා. ඒත් පිළිතුරක් ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

රාජකීය පවුලේ නිල මුද්‍රාව සහිත ලිපි කවරයට බහා මට ස්තුති කර කාඩ්පතක් මට එවා තිබුණා. බකීම්හැම් මාලිගයෙන් මෙවැනි පණිවුඩයක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ ඉතා කලාතුරකින් යැයී කීය.