Spread the love

අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ තරුණ මවක සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

ඇගේ සැමියා රැකියාව සඳහා නිවෙසින් පිටවත් ගොස් ඇති අතර ඔහු එදින සවස 6.30ට පමණ රැකියාව නිමවා නිවෙසට පැමිණ සොයා බැලීමේදී බිරිය සහ දියණිය නොසිටි නිසා කලබලයට පත් ව අසල්වාසීන්ට ද මේ බව පවසා ඇත.

ඉංගිරියේ ප්‍රදේශයේ සිටින බිරියගේ මව්පියන්ට ද කතා කර සොයා බැලුව ද ඔවුන් නොපැමිණි බව දන්වා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පොලිස් සුනඛයන් යොදා සිදු කළ පරීක්ෂණයේදී අතුරුදන් වූ කාන්තාවගේ ළඟම ඥාතියකුට අයත් ත්‍රිරෝද රථයක් අසල ගොස් නතර වී ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහු පොලිස් බාරයට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.