ගෑස් මිල සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණිමට නෙහැකි වුවහොත් වගකිව යුතු පාර්ශවයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත දැනුම් දුන් බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සිය ගෑස් සිලින්ඩර අලෙවි කරන්නේ පරස්පර මිල ගණන්වලට බැවින් සාකච්ඡා මාර්ගයකට එළඹ නියමිත මිලක් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්නැයි එම සමාගම් දෙකට උපදෙස් දුන් බවද වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසුවේය.
ගෑස් සමාගම් දෙකටම ගැළපෙන පරිදි මිල සූත්‍රය සකසන්නැයි මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බවයි වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.