Spread the love

ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග හෙට (09) සිට 17 දා දක්වා පැවැත්වෙන බැවින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට 09, 10, 12, 14, 15 සහ අවසන් මහා තරගය 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.