Spread the love

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තේ ය.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් හා නොදැවී පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 93 ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 3 ක් හා Shoriful Islam එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 236 පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැඟින්, මතීෂ පතිරණ කඩුලු 3 ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් විය්.