Spread the love

මෙරටට මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 9 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මස 6 වැනිදා වන විට මෙම වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බවත් මෙම මස පළමු දින හය තුළ පමණක් සංචාරකයන් 22,896 ක් පැමිණ ඇති බවත් එම අධිකාරිය කියයි.

අගෝස්තු මාසයේදී සංචාරකයන් 136,405 ක් පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය සැප්තැම්බර් මස මුල් දින 6 තුළ පැමිණි සංචාරකයින් 6,188 ක් ඉන්දීය ජාතිකයන් යැයි ද සඳහන් කරයි.