කොළඹ නගරය ආවරණය වන පරිදි ජංගම කිරි අලෙවි රථ මගින් පාරිභෝගික ජනතාවට දියර කිරි බෙදාහැරීමේ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මක වේ.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කළේ ලංකාව තුළ දියර කිරි ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එය සිදුකරන බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජංගම රථවලින් පාරිභෝගික ජනතාවට අවශ්‍ය කිරි මිලදී ගැනීමේ හැකියාව පවතින බවත්, ඉදිරියේදී දිවයින පුරා ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි .