උසස් පෙළ විභාගය සමත් වන දරුවන්ගෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත් දැයි විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් විමසන්නේ වත් නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
සිසුවෙකුට වෛද්‍ය විද්‍යාලයට යාමට සාමාන්‍ය පෙළ අසමත් වුවත් උසස් පෙළ සමත් නම් හැකියාව ඇති බවද හෙතෙම පැවසීය.
අධ්‍යාපනයේ විවර කර තිබූ තැන කුඩා ආයතන විසින් ප්‍රතිපත්ති සකස් කර සීමා කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ අදහස් දක්වමිනි.
