නිමල් රාජපක්ෂ –
මත්පැන් ජාවාරම් කරුවන් අධිකරණ වෙත ඉදිරිපත්කොට , බලපත්ර කොන්දේසි කඩකරන්නන් ගෙන් සමථ ගාස්තු අයකොට හා බීඩී කර්මාන්ත කරුවන්ගෙන් බදු ආදායම් අයකර ගතවු මාස අටතුළ රුපියල් තුන්කෝටි හත්තෑ හයලක්ෂ අනුතුන්දාස් දෙසිය අසුදෙකක ආදායමන් රජයට ලබා දීමට සමත්වු බව මීරිගම සුරාබදු ස්ථානාධිපති ,ප්රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ .එස්.පී යාපා මහතා පවසයි.
අදාල බල ප්රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කොට මත්පැන් ජාවාරම් කරුවන් කොටුකර ගෙන මිනුවන්ගොඩ හා අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට දඩ අයකර ගත්තද ඊටවඩා වැඩි බදු අදායමක් බීඩි කර්මාන්ත කරුවන් ගෙන් අයකර ගැනීමට සමත්වී විය. එනම් බීඩි කර්මාන්ත කරුවන් සුරක්ෂිතව තම කර්මාන්තය කර ගෙන යාමට සුරාබදු දෙපාර්තුමේන්තුව මගිින් මේ වනවිට බලපත්ර ලබා දිමට පියවර ගෙන තිබේ එහි ප්රථිපලයක් ලෙස මීරිගම සුරාබදු බලප්රදේශයේ බීඩි කර්මාන්ත කරුවන්ගෙන් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂ දාසය දාස් පන්සිය තිස් දෙකක බදු ආදායමක් අයකර ගැනිීමට සමත්වු බවද පායා මහතා පැවසුවේය.
මත්පැන් ජාවාරම් කරුවන් කොටුකර නිිති විරෝධී ලෙස නිෂ්පාදනය කළ කසිප්පු ස්ප්රීතු ලීටර් අනුදහසකට වැඩි ප්රමානයක් අත්අඩගුවට ගැනීමට ද මීරිගම සුරබදු නිලධාරින් සමත්වීය..
තව දුරටත් අදහස් දැක්වු මීරිගම සුරාබදු ස්ථානාධිපතිවරයා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න
