Spread the love


නිමල් රාජපක්ෂ-

වලස්මුල්ල ප්‍රදේශයේ බීඩි නිෂ්පාදකයකුට පහර දී ම සහ කප්පම් ලබා ගැනීමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
බලපත්‍රයක් නොමැතිව බීඩි කොළ ළග තබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ඉල්ලා සිටීම සහ පහර දීම යන සිද්ධි සම්බන්ධයෙන් තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකගේ මෙලෙස වැඩ තහනම් කර ඇත.