Spread the love

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ෂැනන් දමිල මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක නියැලුණි.

එම පාසලේ 08 වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි පාසල් සිසුවෙකුට පන්ති භාර ගුරුවරිය විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ එම පන්ති භාර ගුරුවරිය ස්ථාන මාරු කරන ලෙසට නිහඩ විරෝධතාවයේ නියැලි සිටි පහර දැමට ලක් වුවේ යැයි කියන පාසල් සිසුවාගේ පියා වන වි.ක්‍රිෂ්ණකුමාර් කියා සිටින්නේ.

පාසලේ පැවැති වාර විභාග ප්‍රශ්න පත්‍රයකට තම පුතා විසින් නිසි ලෙස පිලිතුරු සපයා නොමැති බව පවසමින් පන්ති භාර ගුරුවරිය විසින් තම පුතාට අමානුෂික ලෙස පහර දිම නිසා තම දරුවා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි වි.ක්‍රිෂ්ණකුමාර් කියා සිටියේ.

පන්ති භාර ගුරුවරිය විසින් තම දරුවාට පහර දිම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාට පැමිණිලි කලද විදුහල්පතිවරයාද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්යක් නොගැනිම නිසා විදුහල්පතිවරයාද ස්ථාන මරු කරන ලෙසයි නිහඩ විරෝධතාවයේ නියැලි සිටි පහර කැමට ලක් වු දරුවාගේ පියා කියා සිටියේ.