Spread the love

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙ‌කු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට පැමිණ ඇතිබව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී නාවලගේ බෙනට් කුරේ මහතා පැවසීය.

ඔවුන් හමුවීමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යල නිලධාරීන් පිරිසක් ගොස් තිබේ.

ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එම පිරිස ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
මේ වනවිට ගාසා තීරයේ පවුල් 03කට අයත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙ‌කු රැඳී සිටීයි.
ඉන් ශ්‍රි ලාංකිකයින් 04 දෙනෙ‌කු ගාසා තීරයේ කතෝලික දේවස්ථානය රැඳී සිටියි.

ඔවුන් ආරක්ෂිතව සිටින බව වැඩිදුරටත් පැවසීය.

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙ‌කු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට පැමිණ ඇතිබව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී නාවලගේ බෙනට් කුරේ මහතා පැවසීය.

ඔවුන් හමුවීමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යල නිලධාරීන් පිරිසක් ගොස් තිබේ.

ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එම පිරිස ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
මේ වනවිට ගාසා තීරයේ පවුල් 03කට අයත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙ‌කු රැඳී සිටීයි.ඉන් ශ්‍රි ලාංකිකයින් 04 දෙනෙ‌කු ගාසා තීරයේ කතෝලික දේවස්ථානය රැඳී සිටියි.