ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මිල රු.95 කින් ඉහළ දමා ඇතින බව ලිට්රෝ සමාගම පවසයි්..
ඒ අනුව බහුලව භාවිතා වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රු.3,565 ක්.
කිලෝග්‍රෑම් 05ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.38 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.1.431 ක්.
කිලෝග්‍රෑම් 2.3ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.18 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.668ක් ලෙසයි සඳහන් වන්නේ.
