ගෑස් මිළ වැඩි වීම හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතිබව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
එම නිසා බේකරි නිෂ්පාදන අලවිය මේවන විට 25% පමණ පහළ බැස තිබේ.
ගෑස් මිළ සහ විදුලි බිල වැඩි වුවද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමන බවද හෙතෙම පැවසුවේය.
පවතින ගැටලු සදහා රජය මැදිහත් විය යුතු බවද ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසුවේය.