කටයුතු නැවතත් යාවත්කාලීනව සිදු කරන්නට පුළුවන්.
ප්රශ්නය – අලුත් ව්‍යාපෘති හදුන්වා දෙන්න සුදානම්ද?
පිළිතුර – මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අලුත් දෙයක් කරනවාට වඩා කරපු හොඳ දේවල් ඉදිරියට ගෙන යන්නත්. නැවතිච්ච තැන ඉදන් රට ඉදිරියට යා යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා වියදම් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අලුත් දේවල් හදුන්වා දෙන්න පුළුවන්. තියෙන තත්ත්වය තුළ අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කරගෙන ආපු හොඳ වැඩ ටික ඉදිරියට කරගෙන යාමයි.
ප්රශ්නය – සීනි බද්ධ නිසා සීනි මිළ ඉහළ ගියා. ගෑස් මිල වැඩිවෙනවා. අයවැයෙන් අඩු වෙයිද? වැඩි වෙයිද?
පිළිතුර – අයවැය යෝජනාව ඉදිරිපත් වෙන්නේ 13 වැනිදනේ ඊට පස්සේ බලා ගන්න පුළුවන්.
ප්රශ්නය – ගෑස් මිල වැඩි වීම ගැන මොකද කියන්නේ.
පිළිතුර – අපි කවුරුත් කැමැති වෙන්නේ නෑනේ. මොකද අපි නාගරිකකරණයට හුරුවෙච්ච අය. ගෑස් වලින් ජීවත් වෙන අය. වැඩි වෙනවා කියන්නේ හැමෝටම අමාරුයි. දේශපාලඥයෝ විතරක් නෙමෙයි මේ රටේ සියළුම ආර්ථික කළමනාකරණයත්වය නායකත්වය දෙන මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නිලධාරින් පවා කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි මේක. අපි හැමෝම කැමැතියි සුබසාදන ආණ්ඩුවක් ලෙස හැමදාම පවත්වාගෙන යන්න. අවුරුදු ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු එකේ ප්‍රතිඵල අපි දැන් විදිනවා. අද අපි ස්වයංව නැගිටීමයි අපේ අරමුණ වෙන්න ඕනේ. ඒ සඳහා රටම එක තැනකට එකතු වෙන්න ඕනේ. අපි කරනකොට විවේචනය කරලා කකුලෙන් අදින්නේ නැතිව වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වුනෙත් ඒකමයි. ස්වෙච්චාවෙන් ගොඩ එන රජයක් ගොඩ නගන්න හදනකොට ණය නැති රටක් හදන්න හදනකොට ඒකේ ප්‍රයෝජනය අරගෙන විපක්ෂය හා සමහර කණ්ඩායම් එකතු වෙලා කරපු දෙයක්. ඒකේ ප්‍රතිඵල අපි විදිනවා. හැමදාම පිටරටවල්වලින් ජීවත් වෙන්න බෑ. අපිටම කියලා ජීවත් වෙන්න පරිසරයක් අපි හදා ගන්න ඕනේ.
ප්රශ්නය – එන්නෙත් මැතිවරණ වසරක්. කොහොමද සුදානම.
පිළිතුර – දේශපාලනයේදී මැතිවරණ වලට බයේ හැංගෙන්න අපිට බෑනේ. අපි දන්නවා ආණ්ඩු එනවා ආණ්ඩු යනවා. පසුගිය කාලේ ගෙවල් ගිනි තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයින්. සංවිධාන කටයුතු වල හිටියේ ඔවුන්. ගමේ ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගමට එන්න බැරි වෙන්න ඉලක්ක කරගෙනයි ඒ අයගේ ගෙවල් විතරක් ගිනි තිබ්බේ. 225 ගෙවල් ගිනි තියනවා නම් ඒ තුන්දෙනාගේ ගෙවලුත් ගිණි තියන්න එපැයි. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවලුත් ගිනි තිබ්බනේ. ඒක සැලසුම් සහගතව කරපු දෙයක්. ඒ අය බලාපොරොත්තු වුණේ අපි ගම් ඇතැරලා යයි කියලා. අපේ මන්ත්‍රීවරු නැවත ගම්වලට ගිහින් දේශපාලනය කරනවා. එන ඕනිම අභියෝගයකට අපි මුහුණ දෙන්න සුදානම්.
ප්රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කද ඉදිරියට යන්නේ.
පිළිතුර – ඒක පක්ෂයක් ගන්න ඕනේ තීන්දුවක්. පක්ෂේ ගන්න තීන්දුවත් එක්ක අපි කටයුතු කරනවා.
