නිමල් රාජපක්ෂ
නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන ගියොත් රුපියල් ලක්ෂ 50ක දඩයකට සහ වසර 5කට යටත්වූ සිරදඬුවමක් ලබා දිය හැකි වරදක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5ක් පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ..
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ තත්ත්වය නියාමන කිරීම සඳහා වෙනම අධිකාරියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම ආයතන හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වන්නේ ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව බවත්, ලක්ෂ 30ක පමණ පිරිසක් ඒ හේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත්ව සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම ගැටලුව දැන් ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කර ඇතැයි පවසන සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කරන බවයි. කෙසේ වෙතත් නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන එවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යාම රුපියල් ලක්ෂ 50ක දඩයකට සහ වසර 5කට යටත්වූ සිරදඬුවමක් ලබා දිය හැකි වරදක් බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.
