Spread the love

ඉතා ඉක්මනින්ම නැවත වරක් ජයග්‍රහණ ලබාගැනීමට හැකි තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් කළ යුතුව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

අතුරු කමිටුව පත්කිරීම තුළින් සිදුව ඇති වංචා දුෂණ පිළිබඳව සොයාබැලීම සහ ක්‍රීඩාව ස්ථාවර කර නැවතත් ක්‍රිකට් ජයග්‍රහණ කරා ඉක්මනින් අවතීර්ණ වීම මුලික අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනය, නීතිය යන අංශ සඳහා අනු කමිටු පත්කර ඉදිරි කටයුතු සිදු කිරීමට සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවද වැඩි දුරටත් පැවසුවේය.

සුදුසුම පුද්ගලයාව අතුරු කමිටුවේ සභාපති ලෙස පත්කර ඇති බවත්, ඔහුද වැඩ භාර ගැනීමට එකඟතාව පළකර ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.