ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මිද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින දාහතරකට අත්හිටුවෙයි.