Spread the love

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නාගොඩ ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරකට ලක්වි පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

එකම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.