Spread the love

නාගොඩ -සුමන

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහය දැක්වීමට එකඟතාව පළකර බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති සාකච්ඡාවකදී අස්වැසුම සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් එකග වි තිබේ. අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් එහිදී එකඟ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරේ.

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීම සිදුවන බව එම කාර්යාලය පවසයි