Spread the love

තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් ඒකාබද්ධ පෙරමුණ විසින් අද හා හෙට දින සියළු තැපැල් කාර්යාලවල සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීම හේතුවෙන් තැපැල් කටයුතුවලට බාධා සිදු වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සම්පත් පෞද්ගලීකරණයට එරෙහිව මෙම සංකේත වර්ජනය පැවැත්වෙයි.

මේ අතර සියලු තැපැල් සේවක නිවාඩු තෙදිනකට අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.