Spread the love

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටවූ බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය අවසන් වීම ඊට හේතුවී තිබේ.

අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.
මේ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නොමැති බවද පවසයි..
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබේ.

වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.