ජල විදුලි උත්පාදනය හොඳින් සිදු කරන කාලයේදී විදුලි බිල වැඩි කිරීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි .
මේතරම් ජල විදුලි උත්පාදනයක් සිදුවී, විදුලි බල මණ්ඩලයට අධික ලාභයක් ලැබෙන මොහොතක විශාල ලෙස විදුලි බිල වැඩි කිරීමක් සිදුකලේ ඇයි දැයි .විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 5 කට අධික ප්රමාණයකගේ විදුලිය විසන්ධි කර, තවත් දශ ලක්ෂ ගණනාවකට රතු නිවේදන යවා ඇති බවත්, එසේ කරද්දී නිහඬව සිටීම සුදුසුදැයි ඔහු සභාවෙන් විමසුවේය.
ජල විදුලි උත්පාදනයෙන් විදුලි බල මණ්ඩලය කෙතරම් ලාභ ලැබුවාද යන්නත්, ඒ ලාභයේ වරප්‍රසාද විදුලි බිල අඩු කිරීමක් ලෙස ලබාදිය නොහැක්කේ මන්ද යන්නත් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
