2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, වැඩමුළු, සම්මන්ත්රණ යනාදිය පැවැත්වීම ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය අවසන් වන තෙක් එම තහනම බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කර තිබේ.
මෙවර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2298ක දී පැවැත්වීමට නියමිත ව ඇත.
