Spread the love

ජපානයට බලපෑ භූ කම්පනයත් සමග රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයට අඩි 1.5ක පමණ සුනාමි රළ පහර ඇතුළු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියාවේ නගර දෙකක් වන Vladivostok සහ Nakhodka යන නගර සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.