Spread the love


නිමල් රාජපක්ෂ-

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති රුපියල් මිලියන 61.36 වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් එක් පුද්ගලයකු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෂීශ් වර්ගයේ විශ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4.091ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

අදාල පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට ආ ඒජන්ත වරයා රේගුව සීදූව සෙරන්ඩිබ් කාගෝ ගමන් බඩු නිශ්කාෂන ආයතනයේදී අත්අඩංගවට ගෙන ඇත.
ආහාර ද්‍රව්‍ය අඩංගු යැයි රේගුවට ප්‍රකාශ කර තිබූ පාර්සලයක් තුළ සඟවා තිබූ මෙම හෂීශ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 61.36ක්
කෙසේ වෙතත් පසුගිය වසර තුළ ආදායම් අධීක්ශන අංශය විසින් අවස්ථා 8 කදී රුපියල් මිලියන 359ක් වටිනා විශ මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගනිමින් විශ මත් ද්‍රව්‍ය රට තුළට ඒම වැලැක්වීමට සුවිශේෂී රාජකාරියක් සිදු කර තිබිණ.
අදාල මත් ද්‍රව්‍ය තොගය හා අත් අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දෙන ලදී.