කොස්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
කොස්ගම පොලීසිය සඳහන් කරන්නේ හිඟුරළ දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් මෙසේ පැහැරගෙන ගොස් ඇති බවයි.
ඊයේ රාත්‍රියේ විහාරස්ථානයට පැමිණි මෝටර් රථයක සිටි පිරිසක් විසින් මෙම හිමියන්ව පැහැරගෙන ගොස් ඇති බව විහාරස්ථානයේ වැඩ සිටි ඇබිත්තයෙකු දැක තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මෙවන විටත් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
